hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 6:17



තුර්කියට අයත් මිලිටරි ඩ්‍රෝනයක් සිය ගුවන් යානා මගින් වෙඩි තබා බිම හෙලන ලද බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගියදා අන්කාරා අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමට ප්‍රතිචාර ලෙස සිරියාවේ කුර්දි ඉලක්ක වෙත සිදුකෙරෙන ප්‍රහාර අතරතුර දී මෙම බිම හෙළීම සිදුව තිබෙනවා.

ඇමරිකාව පවසන්නේ තුර්කියට අයත් ඩ්‍රෝන​ හසාකාර් ප්‍රදේශයේ ප්‍රහාර දියත් කරමින් සිටි අතර ඇතැම් ඩ්‍රෝන ඇමරිකන් හමුදාවලට කිලෝමීටර භාගයක් පමණ ආසන්නයට පැමිණි බව පෙන්ටගනය පැවසුවා. එහෙයින් ස්ව ආරක්ෂක ක්‍රියාවක් ලෙස එම ඩ්‍රෝනයකට පහර දුන් බව ඇමරිකාව පවසනවා.

මේ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා අමතා ඇති අතර සිරියාවේ මිලිටරි ප්‍රහාර අවම කිරීම සහ කලින් ඇතිකරගත් එකඟතා අනුව​, හමුදා අතර සන්නිවේදනය පවත්වාගැනීම පිළිබඳ තුර්කියට මතක් කිරීමක් කළ බව ද පෙන්ටගනය පවසනවා.