hit counter

2025 මාර්තු මස 28 වන සිකුරාදා

2025 මාර්තු 24, ප.ව. 7:12



ඇමරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ බිරිඳ ඌෂා වෑන්ස් ග්‍රීන්ලන්තයේ සංචාරයක නිරත වන බව නිවේදනය කෙරුණා.

ඇය සමග ජාතික ආරක්ෂක උපදේශක මයික් වොල්ට්ස් සහ බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් ඇතුලු දූත කණ් ඩායමක් එම සංචාරයට එක්වනවා.

කෙසේ වෙතත් මෙම සංචාරය පිළිබඳ ඩෙන්මාර්කය හෝ ග්‍රීන්ලන්තය එතරම් ප්‍රසාදයක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු ආණ්ඩුව ග්‍රීන්ලන්තය අත්පත් කරගත යුතුය යනුවෙන් නිරන්තරයෙන් අවධාරණය කරන සමයක මෙම සංචාරය සිදුවනවා.

විශේෂයෙන්ම ජාතික ආරක්ෂක උපදේශකවරයා මෙම සංචාරයට එක්වීම ග්‍රීන්ලන්ත අගමැතිවරයා විසින් ප්‍රශ්න කර තිබෙනවා. ග්‍රීන්ලන්තයේ වයඹදිග ප්‍රදේශයේ ඇමරිකානු හමුදා කඳවුරක් තිබෙන අතර එය වෙත ද දූත කණ්ඩායම සංචාරය කරනු ඇති.

ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ පාලනයට යටත්ව තිබෙන ස්වයං පාලිත ප්‍රදේශයක්. එහි මෑතකදී මැතිවරණයක් පැවැත්වුණ අතර අලුත් ආණ්ඩුවක් තවම බලයට පත්ව නැහැ. එම මැතිවරණයේදී ග්‍රීන්ලන්තය ස්වාධීන විය යුතු බව ප්‍රකාශ කරන පක්ෂයක් පළමු ස්ථානයට පත්වූ අතර ඇමරිකාව සමග සබඳතා පුළුල් කළ යුතු බව ප්‍රකාශ කරන පක්ෂයක් දෙවැනි ස්ථානයට පත්වුණා.