hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 28, ප.ව. 11:40



ඉන්දියාවේ උත්තරාඛන්ද් ප්‍රාන්තයේ මහාමාර්ග උමගක සිරව සිටි කම්කරුවන් 41 දෙනාම නිදහස් කරගැනීමට සහන සේවකයන් අද සමත් වුණා.

නොවැම්බර් 12 වනදා මෙම පිරිස සිර වූයේ ඉදිකෙරෙමින් පැවති උමගක කොටසක් කඩාවැටීමෙන්. එම කඩාවැටීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැති අතර නායයාමක් හේතුවෙන් එය සිදුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

දින 17 ක මෙහෙයුමකින් අනතුරුව කම්කරුවන් පිරිස අද සවස පිටතට ගන්නා ලද අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කෙරුණා.