2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 9:59
වෙනෙසුවේලා ජනාධිපති නිකුලස් මදුරෝ සහ ගයානා ජනාධිපති ඉර්ෆාන් අලී එසෙකීබෝ ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සාන්ත වින්සන්ට් දිවයිනේදී හමුවුණා.
එහිදී මෙම ගැටළුව විසඳාගැනීම සඳහා අවි බලය නොයෙදීමට දෙපාර්ශවය එකඟ වුණා.
කෙසේ වෙතත් එසෙකීබෝ දේශසීමා අර්බුදය විසඳාගැනීම පිළිබඳ එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවයට හැකියාවක් ලැබුණේ නැහැ.
ගයානාවේ කොටසක් ලෙස දැනට පවතින එසෙකීබෝ ප්‍රදේශය තමන්ට අයත් බව වෙනෙසුවේලාව පවසා සිටිනවා. මෙම දේශසීමා අර්බුදය සියවසකටත් වඩා පැරණි වුවද 2015 සිට නැවත එය පණගැන්වී ඇත්තේ එසෙකීබෝ ප්‍රදේශයට ඔබ්බෙහි තෙල් සම්පත සොයාගැනීමත් සමගයි.
පසුගියදා වෙනෙසුවේලාවේ පැවති ජනමත විචාරණයකදී එම ප්‍රදේශය තමන්ට අයත් යයි වෙනෙසුවේලා ජනයා අති බහුතර කැමැත්තෙන් අනුමත කළා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48