hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 8:11



වෙනෙසුවේලාව ගයානා දේශසීමාවේ පිහිටි ප්‍රදේශයකට හමුදා යවා ඇතැයි ස්පාඤ්ඤයේ එල් පයීස් () පුවත්පත පවසනවා.

ඩෙල්ටා අමකූරෝ ප්‍රාන්තයේ පුවර්තෝ බරීමා වෙත මෙසේ හමුදා යවා ඇති අතර එම හමුදාවන් හි පිරිස් ශක්තිය ආදිය පිළිබඳ වාර්තා කර තිබුණේ නැහැ.

මෙම පියවර ගෙන ඇත්තේ අඟහරුවාදා දිනයේ ජනාධිපති නිකුලස් මදුරෝ විසින් නව ප්‍රාන්තයක් ලෙස “ගයානා එසෙකීබා” (Guyana Esequiba) ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවයි.

ගයානාවේ ප්‍රදේශයක් වන එසෙකීබෝ (Esequibo) ප්‍රදේශය අරභයා 1899 දක්වා දිවෙන දේශසීමා අර්බුදයක් වනවා. දෙසැම්බර් 3 වනදා වෙනෙසුවේලාවේ පවත්වන ලද ජනමත විචාරණයකදී එරට ඡන්දය දුන් පුද්ගලයන් අතුරින් සියයට 95 ක් එම ප්‍රදේශය වෙනෙසුවේලාවට අයත් විය යුතු යයි සඳහන් කළා. මදුරෝ කියා සිටියේ තමන් ගයානා එසෙකීබා ප්‍රදේශය සාමකාමී ලෙස නිදහස් කරගන්නට කටයුතු කරන බවයි.

මේ අතර වෙනෙසුවේලාව තම රටේ භූමි ප්‍රදේශයෙන් තුනෙන් දෙකක් වන ප්‍රදේශයක් ඩැහැගන්නට සූදානම් වන්නේ යැයි ගයානා ජනාධිපති ඉර්ෆාන් අලි චෝදනා කරනවා.