2024 නොවැම්‍බර් 24, ප.ව. 6:55
යුක්‍රේනයට 2025 වසර තුළ යුද්ධය අවසන් කළ හැකිවනු ඇතැයි එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළා.
ඔහු සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා ඉදිරිපත් කරන සාම යෝජනා ජනවාරිය වනවිට පැහැදිලි වනු ඇති බවයි. එයින් අනතුරුව එම යෝජනා පිළිබඳ සලකා බලා තම වැඩපිළිවෙල සකසන බව සෙලෙන්ස්කි කියා සිටියා.
මේ අතර සෙලෙන්ස්කි වැඩිදුරටත් පැවසූයේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ගේ අපේක්ෂාව වන්නේ කුර්ස්ක් පළාතේ යුක්‍රේනය විසින් අල්ලාගෙන සිටින ප්‍රදේශ ජනවාරි 20 ට පෙර නැවත අත්පත් කරගැනීම බවයි.
රුසියාවේ ප්‍රධානම තර්ජනය එල්ල වන්නේ දොන්බාස් දෙසින් බවත්, එම ප්‍රදේශය ද ජනවාරි 20 වනවිට අල්ලාගැනීමට පුටින් බලාපොරොත්තු වනු ඇති බවත් සෙලෙන්කි සඳහන් කළා.
එළඹෙන ජනවාරි 20 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ භාරගැනීමට නියමිතයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24