hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 මාර්තු 13, පෙ.ව. 7:34



රුසියානු – යුක්‍රේන දේශසීමාවේ බේල්ගොරද් සහ කුර්ස්ක් පළාත්වල දේශසීමාබද ප්‍රදේශ කිහිපයකට ඊයේ සටන්කාමීන් විසින් ප්‍රහාර එල්ල කළා.

මෙම ප්‍රහාරයන් සඳහා යුක්‍රේන අනුග්‍රහය ලබන Freedom of Russia Legion සහ Russian Volunteer Corps වැනි සංවිධාන සම්බන්ධ වූ බවයි සඳහන් වන්නේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ තමන් මෙම ප්‍රහාර මැඩපවත්වා සටන්කාමීන් සියයක් පමණ ඝාතනය කළ බවයි. කෙසේ වෙතත් කුර්ස්ක් පළාතේ ත්‍යෝත්කිනා ගම්මානය සටන්කාමීන් අතට පත්වූයේ යයි වාර්තා පළවී තිබුණා.

කෙසේ වෙතත් Freedom of Russia Legion හි සාමාජිකයකු බව කියන අලෙක්සේයි බරනොව්ස්කි නම් අයෙක් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් තවමත් රුසියානු ප්‍රදේශයන් හි රැඳී සිටින බවයි.

තම ප්‍රහාරය ඉතා හොඳින් සැලසුම් කළ එකක් බවත් බේල්ගරද් හිදී රුසියානුවන් තමන් බලාපොරොත්තු වූ නමුත් කුර්ස්ක් හිදී තමන්ව කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බවත් බරනොව්ස්කි පවසනවා.

රුසියානු හමුදාවන් හි අවධානය වෙනතක යොමු කිරීම මෙන්ම රුසියානු යුධ විරෝධී කඳවුරට ආත්ම ශක්තියක් ලබාදීම තම ප්‍රහාරයේ අරමුණ බව ද බරනොව්ස්කි කියා සිටිනවා.