2024 පෙබරවාරි 27, ප.ව. 8:02
බටහිර රටවල හමුදා යුක්‍රේනය වෙත පැමිණීමේ ඉඩක් ඇති බවට ස්ලොවේකියානු අගමැති රොබර්ට් ෆිකෝ සඳහන් කර තිබෙනවා.
ඔහු පවසන්නේ යුරෝපා සංගමයේ සහ නේටෝවේ සාමාජිකයන් වන රටවල්වලින් සමහරක් යුක්‍රේනය සමග ඇතිකරගන්නා ද්වි පාර්ශවික එකඟතා මත පදනම්ව එරට වෙත හමුදා කණ්ඩායම් එවිය හැකි බවයි.
යුක්‍රේනය බිඳවැටෙන තත්ත්වයක් මතුවුවහොත් එවන් තත්ත්වයක් ඇතිවිය හැකි යයි ඔහු පෙන්වා දෙනවා.
මේ අතර මේ පිළිබඳ අද දින ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ගෙන් විමසූ විට ඔහු එවන් පියවරක් නොගන්නේ යයි කියා සිටියේ නැහැ.
කෙසේ වෙතත් ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් සඳහන් කළේ බටහිර හමුදා යුක්‍රේනය වෙත පැමිණියහොත් ඔවුන් හා රුසියානු හමුදා අතර ගැටුම් ඇතිවීම නොවැළැක්විය හැකි වනු ඇති බවයි.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48