hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 04, ප.ව. 9:33



ඇමරිකාව විසින් සපයන ලද Abrams M1 යුධ ටැංකිවලින් යුක්‍රේනය කුමක් කරනවාදැයි පැහැදිලි නැති බව ෆෝර්බ්ස් වෙබ් අඩවිය සඳහන් කරනවා.

ඇමරිකාව මෙම යුධ ටැංකි 31 ක් ලබාදීමට ප්‍රතිඥා දුන්නේ 2023 ජනවාරි මාසයේයි. ඒ වනවිට යුක්‍රේනය සිය ප්‍රතිප්‍රහාරය සඳහා සූදානම් වෙමින් සිටියා. කෙසේ වෙතත් එම ප්‍රතිප්‍රහාරය ඇරඹීමට පෙර එම යුධ ටැංකි ඔවුනට ලැබුණේ නැහැ. ඒවා ලැබී තිබුණේ ඔක්තෝබරයේදී යි. මේ වනවිට එම යුධ ටැංකි ලැබී මාස දෙකක් වෙතත් තවම ඒවා කොහිදී සටන් සඳහා යොදවන්නේද යන්න පැහැදිලි නැති බවයි ෆෝර්බ්ස් වෙබ් අඩවිය කියා සිටින්නේ.

යුක්‍රේනය මෙම යුධ ටැංකි සටනට යොදවන්නේ නම් වඩාත්ම සුදුසු වනු ඇත්තේ අව්දීව්කා හි සටන් වදින 47 වන බ්‍රිගේඩය ශක්තිමත් කිරීමට එය යෙදවීම බවයි ෆෝර්බ්ස් වෙබ් අඩවිය තවදුරටත් කියා සිටියේ. එමෙන්ම එම යුධ ටැංකිවල ඉහළ කොටසේ සන්නාහය සාපේක්ෂව දුර්වල බැවින් ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට එහි සන්නාහයන් සවිමත් කිරීම ද වැදගත් බව ෆෝර්බ්ස් ලිපියෙහි සඳහන් වුණා.