hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 17, ප.ව. 10:23



හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේ දී එල්ල වූ ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වනවා.

සටන්කාමීන් තිදෙනෙක් ගොඩනැගිල්ලක් වෙත ඇතුල්වනු දුටු ඊශ්‍රායල සෙබළුන් එම ගොඩනැගිල්ල වෙත පහර දෙන ලෙස දන්වා තිබෙනවා. ප්‍රහාරයෙන් ගොඩනැගිල්ල අර්ධ වශයෙන් කඩාවැටී ඇති අතර එම ස්ථානය පරීක්ෂා කරන අවස්ථාවේ සින්වාර්ගේ බව සැක කෙරෙන සිරුරක් හමුව තිබෙනවා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සින්වාර් සිටි බව ඊශ්‍රායල සෙබළුන් දැනගෙන නොසිටි බව ද සඳහන්.

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සින්වාර් එකල පටන්ම ගාසා තීරයේ රැඳී සිටි බවයි විශ්වාස කෙරෙන්නේ. ඔහු ඉස්මයිල් හනියේගේ ඝාතනයෙන් අනතුරුව හමාස් සංවිධානයේ නායකයා ලෙස නම් කෙරුණා.