hit counter

2026 ඔක්‍තෝබර් මස 13 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 21, ප.ව. 7:52



හමාස් ප්‍රබලයකු මෙන්ම ඔක්තෝබර් 7 ප්‍රහාරයේ මහමොළකරු යයි විශ්වාස කෙරෙන යහ්යා සින්වාර් ඊශ්‍රායල හමුදා මෙහෙයුමකින් බේරී පළා ගිය බව ඊශ්‍රායලය සඳහන් කළා.

නොබෝදා සිදුවූ සටන් අතරතුර කාන් යුනිස් ප්‍රදේශයේ සින්වාර් සැඟව සිටි උමග වෙත ඊශ්‍රායල හමුදා ඇතුල් වී ඇති අතර ඊට පැය කිහිපයකට පෙර ඔහු පළාගොස් තිබුණ බව විශ්වාස කෙරෙනවා.

සින්වාර් මෙම ස්ථානයේ රැඳී සිටින බවට තමන්ට තොරතුරු ලැබුණ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසා සිටින්නේ.

ඔහු කාන් යුනිස් ප්‍රදේශයේ සැඟව සිටින්නේ යයි සැකකෙරෙන අතර නිරන්තරයෙන් තමන් සිටින ස්ථානය වෙනස් කරන බව ද විශ්වාස කෙරෙනවා.

සින්වාර් ඊශ්‍රායල හමුදාවලට හසු නොවී අනූනවයෙන් බේරී ගිය දෙවන අවස්ථාව මෙය බවයි විශ්වාස කරන්නේ.