hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 28, ප.ව. 11:08



යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසී සිය විජයග්‍රහණයේ සැලැස්ම ඔහු වෙත ඉදිරිපත් කළා.

සෙලෙන්ස්කි කියා සිටියේ රුසියාව විසින් දියත් කර ඇති යුද්ධය හැකි ඉක්මණින් නැවැත්වීමට පියවර ගත යුතු බවයි.

යුක්‍රේනය බලාපොරොත්තු වන්නේ සාධාරණ සාමයක් බව ද සෙලෙන්ස්කි පෙන්වා දුන්නා.

මෑතදී යුක්‍රේන යුද්ධය පිළිබඳව අලුතින් බොහෝ දේ තමන් දැනගත් බව ට්‍රම්ප් කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ තමන් බලයට පත්වූ විගස යුද්ධය නිමා කරන බවට තමන් තුළ වන විශ්වාසය නොවෙනස්ව පවතින බවයි.

සාමය ගෙනදෙන ආකාරය පිළිබඳ විමසූ විට ට්‍රම්ප් එම ප්‍රශ්නයෙන් මගහැර ගියා. ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව විග්‍රහ කිරීමට කල් වැඩි බවයි.