2024 පෙබරවාරි 01, ප.ව. 11:13
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් සිය හමුදාපති වලේරි සලුෂ්නි තනතුරෙන් ඉවත් කිරීමට සූදානම් වන්නේ යයි මාධ්‍ය වාර්තා කිහිපයක්ම සඳහන් කරනවා.
සඳුදා දිනයේ සෙලෙන්ස්කි සලුෂ්නිගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කර ඇති අතර සලුෂ්නි ඊට කැමැත්තක් දක්වා නැහැ. ඒ අනුවයි සෙලෙන්ස්කි මෙම පියවරට යොමුවන්නට ඉඩ ඇති බව වාර්තා වන්නේ.
සෙලෙන්ස්කි සහ සලුෂ්නි අතර පසුගිය මාස කිහිපය තුළ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වුණා. සටන් පෙරමුණේ කිසිදු පාර්ශවයකට ජයගත නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සලුෂ්නි කළ ප්‍රකාශයක් විසින් එම තත්ත්වය ප්‍රසිද්ධ අවකාශයේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත් කළ ද එම අර්බුදය කලක පටන් පැන නැගෙමින් තිබුණක් බවයි වාර්තා වන්නේ.
එම ප්‍රකාශය හේතුවෙන් සලුෂ්නි සෙලෙන්ස්කිගේ විවේචනයට භාජනය වුණා. සෙලෙන්ස්කි චෝදනා කළේ එය ප්‍රතිවාදියාට වාසිදායක ප්‍රකාශයක් බවයි.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48