2024 ජූනි 17, පෙ.ව. 8:57
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට උරුමය වැඩසටහන මඟින් හැකිවූ බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (16) පැවති උත්සවයට එක්වෙමින් ය.
කොරෝනා වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය නිසා පහළ ගිය දේපල වටිනාකම උරුමය වැඩසටහන නිසා යළි ඉහළ ගොස් ඇති බවත් එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
මෙම වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 5000ක් ලබාදීමට නියමිත අතර ඉඩම් ඔප්පු 442ක් ප්‍රදානනය කිරීම අද සිදු කෙරිණ.
කෙසේ වෙතත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොහොර ලබාදීම වෙනුවෙන් මුදල් ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානය ද මෙහිදී සිදු කර තිබෙනවා.
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:21
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:30
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:20
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26