hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 15, පෙ.ව. 12:30



රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “සැමට ඉංග්‍රීසි” වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කිරීමට නවක ගුරුවරුන් 2,500ක් බඳවා ගැනීමට සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට වාර්තා වෙනවා.

මෙරට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441ක් පමණ වන නමුත් එහි අවශ්‍යතාවය ගුරුවරුන් 6,500ක් පමණ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය පුරප්පාඩු සම්පූර්ණ කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් පුළුල් කර ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වසර අවසන් කිරීමට පෙර පාසල් 1,000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරු සංඛ්‍යාව 6,500 ක් දක්වා ඉහළ දැමීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: