hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 29, පෙ.ව. 8:03



මෙම වසර අවසානය වන විට සියලු පාසල් දරුවන් සදහා දිවා ආහාරය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 167 වැනි අදියර යටතේ හම්බන්තොට බෙලිඅත්ත ඕකෙවෙළ උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එක වරක් බොරුවකට රැවටි රටම බංකොලොත් වී ඇති මේ වන විට ඇ. ඩොලර් බිලියන 100කට වඩා අපි දේශීය හා විදේශීයව ණය වී ඇති බවත් මින් ගොඩ ඒමට නම් තොරතුරු තාක්ෂණ අධ්‍යානය, දැනුම පදනම් කර ගත් අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.

දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල නොගැන්වීම, අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම දරුවන්ගේ සහ දෙමාපියන්ගේ වරද නොව පාලකයන් සහ පාලකයන් පත් කරන දෙමාපියන්ගේ බවත් සිංහල පමණයි දමිළ පමණයි කියන විට කතිරය ගහන්නේ 41 ලක්ෂයක් දූදරුවන්ගේ අනාගතය ගැන සිතා ද කියා ප්‍රශ්න කරන බවත් ඡන්ද මල්ල වෙනුවෙන් මෙසේ කිව්වත් ඇත්ත කතාව වන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව අඩු වීම බවත් එය ඉහළ ගෙන යාමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: