hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 30, පෙ.ව. 12:04



පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දරුවන් රෝගී රැසකට ගොදුරු වී ඇති බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා.

ඒ, ඇතැම් මව්පියන් විසින් ලබාදෙන පීඩනකාරී තත්ත්වයි ඔහු පෙන්වා දෙන්නේ.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,මව්පියන් විසින් දරුවන්ව පීඩාවට පත්කිරීම නිසා ඔවුන් බියවී බඩේ කැක්කුම, වමනය, හිසේ කැක්කුම සහ නිසි ලෙස ශරීර කෘත්‍යන් සිදු නොවීම ආදී රෝගී රැසකට මුහුණ දී ඇති බවයි.

එමෙන්ම රෝගී වූ දරුවන් රැසක් දිවයින පුරා සෑම රෝහලකින්ම පාහේ වාර්තාවන බවත්, දරුවන්ගේ මානසික මට්ටමට හානියක් නොවන ලෙස ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය දැක්වීමට මව්පියන් පියවර ගතයුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කරනවා.

මේ හේතුවෙන් දරුවන්ට ඔවුන්ගේ පාඩම් වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන ලෙසයි වෛද්‍යවරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: