2026 ජූලි 08, පෙ.ව. 10:25
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙන ආවේය.
අදාළ නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතය.
පසුගිය 6 වනදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.
ඒ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හමුවේය.
5 වෙනිදා බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සමථයට පත්වූ පසුව බන්ධනාගාර නිලධාරීන් ඊට පසුදින එනම් ඉරිදා (06) උදෑසන රැඳවියන්ට ආහාරපාන ලබාදීමට කටයුතු කර තිබුණි.
එම අවස්ථාවේ දී රැඳවියන් අතර ගැටුමක් හටගෙන තිබූ අතර, එය බේරීමට ගිය බන්ධනාගාර නිලධාරියෙකු වෙතට ද ගල්මුල්වලින් පහරදී ඇත.
එම අවස්ථාවේ පල්ලන්සේන බන්ධනාගාරයට නව පත්වීමක් ලැබ පැමිණි ප්‍රධාන ජේලර්වරයාද තත්ත්වය පාලනයට එහි පැමිණ සිට ඇති අතර ඔහුටද රැඳවියන් පහරදීම ආරම්භ කර ඇති බව වාර්තා වුණි.
ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් බේරාගන තිබුණු අතර, තත්ත්වය පාලනයට ගිය බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ නිලධාරීන් වෙත අමානුෂික පහරදීමක් සිදුකර තිබුණි.
කෙසේ වෙතත් මෙම ගැටුමින් පුද්ගලයින් 27 දෙනෙකුට දිවි අහිමි වූ අතර, 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළේය.
2026 සැප්තැම්බර් 09, ප.ව. 6:21
2026 සැප්තැම්බර් 09, ප.ව. 4:23
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:12
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:58
07-09-26
07-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26