hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:06



පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්හි විභාගය දෙසැම්බර් 16 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

එලෙස නියම කර ඇත්තේ අද (11) දිනයි.

එම පෙත්සම එස්.තුරෛයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දි ඒ බව නියෝග කෙරිණ.

එලෙස පෙත්සම කැඳවූ අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තබන බව විනිසුරු මඬුල්ල පවසා සිටියේ ය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරුකරුවන් වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දායාරත්න මහතා පෙනී සිටි අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන්, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන අය පෙනී සිටියේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: