hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 ජනවාරි 17, පෙ.ව. 12:08



කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, ගාල්ල, පුත්තලම හා මොණරාගල යන දිස්ත්‍රික්කවල වායුගෝලීය ගුණාත්මකභාවය තරමක අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය සඳහන් කළේ, මෙම ස්වභාවය කාලගුණික තත්ත්වයන් මත විටින් විට වෙනස් විය හැකි බව ත් අද (17) වායු දූෂණ තත්ත්වය යම් තරමකට අඩු විය හැකි යැයි බලාපොරොත්තු වන බව ත් ය.

මෙය දේශ සීමාන්තර වායු දූෂණය නිසා ඇති වන තත්ත්වයක් බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනියක පැවසුවා.

ඇය තවදුරට ත් සඳහන් කළේ, ඉන්දියාවෙන් හෝ වෙනත් ආසියාතික රටවල්වලින් එන සුළං ප්‍රවාහයත් සමග වායු ගුණාත්මකභාවය තරමක අහිතකර මට්ටමක පවතින බවයි.

එමෙන් ම, වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ තත්ත්වය මෙම කාල වකවානුවේදී සිදුවන සාමාන්‍ය සිදුවීමක් බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනිය පැවසුවා,

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මධ්‍යම පරිසර අධිකාරිය වායු ගෝලයේ ස්වභාවය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර මෙම ස්වභාවය තාවකාලික තත්ත්වයක් බවට විශ්වාස කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනිය වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: