hit counter

2026 සැප්‍තැම්‍බර් මස 16 වන බදාදා

2026 අගෝස්‍තු 07, ප.ව. 1:22



මෑත කාලයේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ සිදුවීම් යම් සැලැස්මකට අනුව සිදුවන බවට පෙනී යන කරුණු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ .

එම සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතින බවත්, ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුන්තා සහ ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින්, එම සිදුවීම්වල පසුබිම සොයා බැලීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද ඔහු පෙන්වා දුන්නා.

බන්ධනාගාර ආරක්ෂාව තහවුරු කිරීම සහ එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: