hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 14, ප.ව. 8:02



ඉතිහාසය පුරා පාලකයන් 2/3 බලයක් ඉල්ලා සිටියේ ජනතාවට එරෙහි පනත් සම්මත කර ගැනීම සඳහා බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තමන්ට ප්‍රමාණවත් බවත් තමන් ගෙන එන්නේ ජනතාවාදී අන පනත් නිසා කිසිවෙකුට ඊට එරෙහි වීමට නොහැකි බවයි.

ජනතාව මැතිවරණ ජයග්‍රහණය තමන් වෙත ලබා දෙන බව විශ්වාස බවත් ජයග්‍රහණයෙන් අනතුරුව සාමකාමී ලෙස එහි සතුට භුක්ති විඳින ලෙසත් ජනාධිපති අනුර දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) උදෑසන පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: