hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 06, පෙ.ව. 11:29



ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ විනාශයට වගකිව යුත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති හිටපු ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

තමන් යටතේ මාස හයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනඟන බව ද හෙතෙම පවසයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කටයුතු කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙකුට වුවමනා ලෙස බවත් පවසන ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලය ජනාධිපතිට සම්බන්ධ වන්නේ සාගර රත්නායක මහතා හරහා බවද චෝදනා කරයි.

ක‍්‍රිකට් ක්‍රීඩාව අද දීන තත්වයට ඇද වැටීමට සංගක්කාර සහ මහේල ජයවර්ධන වගකිය යුතු බවද ඔහු කියා සිටිනවා.

ක්‍රිකට් පාලක මණ්ඩලය ජනාධිපතිව ඇල්ලුවේ සාගල රත්නායක හරහා බව ද අර්ජුන රණතුංග ප්‍රකාශ කළා.

”ක්‍රිකට් පාලක මණ්ඩලය සාගලව බාගන්න පාවිච්චි කර ඇම මොකක්ද කියල හරියටම හොයන්න ඕන” යයි ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙක්ට ඕන විදිහට බවද, ලංකාවේ ක්‍රිකට් වල විනාශයට වගකිව යුත්තේ, ක්‍රිකට් පාලක මණ්ඩලය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අද දින මෙවැනි තත්ත්වයට ඇද වැටීමට සංගා හා මහේල වගකිව යුතු බවද, මම ඉල්ලන ටීම් එකත් එක්ක ක්‍රිකට් හදන්න මට බලය දුන්නොත් මාස හයෙන් ප්‍රතිඵල පෙන්නනවා..” යයි පවසන අර්ජුන මහතා, ”වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න කැමති උන් තියාගෙන අනිත් උන් ගෙදර එළවලා දාන්න ඕන, යැයි ද අර්ජුන සඳහන් කළා.

” ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ අන්තිම දූෂිත හොර තිප්පොළක්. පාලක මණ්ඩලයේ ඉන්න ලොක්කෝ මුලින් ආවෙ මරුටියේ.. දැන් යන්නේ බෙන්ස් එකේ. මේ ගොල්ලන්ගෙ වත්කම් ගැන හොයල බලන්න ඕන.” බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

‘විධායක කමිටුව මූලිකවම මේකට වග කියන්න ඔිනි. අපි නෙවෙයිනේ තේරුවේ පුහුණුකරුවන්ව.. හිටපු ක්‍රීඩා ඇමති නාමලුත් මේකට වග කියන්න ඔිනි. මම දන්න කාරණා කිහිපයක් තියනවා, අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ඉන්න කාලේ ක්‍රීඩකයෝ ගෙන්නලා කතා කළා. සංගා, මහේල, අරවින්ද, රොෂාන්… වගේ ක්‍රීඩකයෝ කිවුවා, වෙන්න ඔිනි දේවල්. මහින්ද මහත්තයා ක්‍රිකට් ගැන කැක්කුම තියෙන කෙනෙක්නේ. එයා පෙන්නුව ක්‍රිකට් හදනවා කියලා. නමුත් ඇන්දිල්ලක් කළේ. ඒ කතා කරපු කිසි දෙයක් වුණේ නෑ…නාමල් ඊයේ පෙරේදා කියනවා, පුහුණුකරුවන්ට කොහොමද ගෙවන්නෙ කියලා.. කට පියන් ඉන්නකෝ… දැන් කාලා ඇතිනේ හොඳටම… මේක වෙන්න ඔිනි දන්න මිනිස්සුන්ගෙන් එපැයි අහන්න ඔිනි… ඊළඟ ඉලෙක්ෂන් එකේදී මම කියන්නම් කවුද වගකිවයුත්තා කියලා.

“මම කිවුවා, කලින් ඉඳන් කිවුවා, එතකොට කිවුවා, මට බෝඩ් එකට එන්න බැරි නිසා කියන්නෙ කියලා. මං කිව්වා, සිම්බාව්වෙ ට පරදිනවා කියලා, කෙන්යාවට පරදිනවා කියලා. පසුගිය කාලේ ඇෆ්ගනිස්ථානයට පරදිනවා. මම කියපු දේවල් වෙලා තියනවා. මම තාමත් කියන්නෙ ක්‍රීඩකයින්ගේ දක්ෂතා නැතිවීම නෙවෙයි ප්‍රශ්නේ…ඉස්සර අපි තීරණයක් ගන්නෙ තනියම නෙවෙයි, කට්ටිය එක්ක සාකච්ඡා කරලා. කුසල් මෙන්ඩිස්ට තනියම තීරණයක් ගන්න බෑනේ, ටොස් එක දැම්මට පස්සෙනෙ. අපි මුදලක් ගන්නව නම් සාධාරණයක් කරන්න ඔිනි…මම හිතනවා, මහේල ෆේල්….මහේලට බැරි ඇයි ක්‍රීඩකයින්ගේ ටෙක්නික් එක හදන්න? මේක හදන්න බැරි කමක් නෑ. මැනේජර්ලා යන්න ඔිනි ගෙවල්වලට. සෝශල් මීඩියා වැඩක් නෑ. දැන් ටීම් එක රටට කැක්කුමක් ආදරයක් නෑ. මට තිබුණා ලැජ්ජාවක්. මම කන් නැතුව ඉඳලා තියනවා, මිනිස්සුන්ගේ මූ‍ණු බලන් නැතුව.. සමහර මිනිස්සු අපේ මැච් එකක් බලන්න කොයි තරම් දුක් විඳලද එන්නෙ… මම කියලා තියනවා, අපි යන්නෙ මිලියන 20ක් නියෝජනය කරන්න. ආගම සිහිකරලා පිටියට බහින්නෙ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: