hit counter

2025 ජනවාරි මස 22 වන බදාදා

2024 ඔක්‍තෝබර් 23, ප.ව. 1:38



මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බුද්ධි අංශ සමග එකතු වී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කර කරමින් පොලිසිය පවසන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ දියත් වන බවයි.

ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට තොරතුරු ලැබී අතර සියලුම පොලිස් ස්ථාන වෙත අදාළ උපදෙස් නිකුත් කරනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: