hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:03



2024 මහමැතිවරණයේදී නිහඬව සිටීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දේශපාලන පක්ෂයකට හෝ පාර්ලිමේන්තුවට සීමා නොවී රටේ ආරක්ෂාව වෙනුවෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවක් මේ වනවටි මතුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වූව ද ඒවා සාර්ථක නොවූ බව ද සාර්ථක නොවූ බවයි රතන හිමියන් පෙන්වා දුන්නේ.

“මීට මාස තුනකට පමණ පෙර ප්‍රකාශ කළා මම නැවත පාර්ලිමේන්තු යන්න කිසිම පක්ෂයකින් ජන්දය ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ කියල. හැබැයි රටේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි කියන තැන ඉඳල පෙළගැස්වීමක් කරන්න බලාපොරොත්තු වුණා. නමුත් අපට ඒවා කරගන්න බැරිවුණා.

විශේෂයෙන් මහමැතිවරණයේදී අපේ මතවාදය වෙනුවෙන් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සාකච්ජා කළා. නමුත් ඒ එකක්වත් අපි හිතපු මට්ටමට සාර්ථක වුණේ නැහැ. මගේ උපදේශකත්වයෙන් එවැනි ව්‍යාපාරයක් ගොඩනගන්න තමයි මහන්සි වුණේ. ඒකට ඉඩකඩක් නැති බවක් අපිට පෙනුණා. මුදල් නැහැ. ලියාපදිංචි පක්ෂයක් නැහැ.

ඉතින් ගියවර වෙච්ච අමාරුව දන්න හන්දා ඒ අමාරුවේ වැටෙන්න මම කැමති වුණෙත් නැහැ. ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මෙන් නිහඬ ප්‍රතිපත්තියේ ඉන්නවා කියන තීරණයට ඇවිත් තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: