hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 3:34



සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අදහස් දක්වා අවසන් කළ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඩයනා ගමගේ මහත්මිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

“දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න. කවුරු හරි කියන දෙයක් කියන්න එපා. ඔතන ඉන්නේ මම අත්සන් කරපු පිනට. කට හැකරකමට කතා කරන්නේ නැතුව වාඩි වෙන්න.” යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළා.

ඔබතුමා මතක තියා ගන්න ඔබතුමාව මහ ලේකම් කළේ මම. නැත්තම් ඔබතුමා ගෙදර. ඔබතුමා ජන්දේ ඉල්ලුවා නම් ගෙදර.” යනුවෙන් ඩයනා ගමගේ මහත්මිය කියා සිටියා.

“පිනට ඇවිල්ලා ලැජ්ජා නැතුව කට වහගෙන ඉන්න.අපේ පක්ෂයේ නිසා පාර්ලිමේන්තු ආවේ.” යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: