hit counter

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා

2025 ජනවාරි 04, පෙ.ව. 12:01



මෙරට ප්‍රසිද්ධ සංචාරක මධ්‍යස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්වීමේ අවධානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ විදේශීය, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය (FCDO) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ, පසුගිය වසරේ නොවැම්බර් මස 14 වැනිදා නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන් කරමින්.

ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන පුරවැසියන්ට ජනාකීර්ණ පොදු ස්ථානවලට යාමෙන් වළකින ලෙසට ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

තමන් සිටින ප්‍රදේශ සම්බන්ධයෙන් විමසිලීමන්තව සිටින ලෙසට ඔවුන් ඉල්ලීමක් සිදු කරනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ජනාකීර්ණ පොදු ස්ථානවලට යාමෙන් වළකින ලෙසට ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

තමන් සිටින ප්‍රදේශ සම්බන්ධයෙන් විමසිලීමන්තව සිටින ලෙසට ඔවුන් ඉල්ලීමක් සිදු කරනවා.

ලොව පුරා සංචාරවල නිතර වන බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ජීවිතවලට  තර්ජනයක් පවතින බව සඳහන්.

විදේශ රටවල සිටින ත්‍රස්ත කණ්ඩායම්වලින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට දේශීය වශයෙන් නිකුත් කරනු ලබන නිවේදන සහ උපදෙස් පිළිපදින ලෙසට සංචාරකයින්ට දැනුවත් කිරීම් සිදු කරනු ලබනවා.

අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයක ත්‍රස්ත ප්‍රහාර එල්ලවී ඇති පසුබිමකයි, මෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: