hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2026 ජූනි 26, ප.ව. 12:45



සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂය තුළ දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. 

2023 වසරේදී සිදු වූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිදුවීමකට අදාළව, චරිත් අබේසිංහ මහතා ඊයේ (25) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කිරීමත් සමඟ පක්ෂය විසින් මෙම තීරණය ගෙන ඇත. 

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරන්නේ, අදාළ අල්ලස් සිදුවීම සිදු වූ බව කියන 2023 වසර වන විට චරිත් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සාමාජිකයකු, සංවිධායකවරයකු හෝ කිසිදු තනතුරක් දැරූ අයකු නොවන බවයි. 

පක්ෂය කිසිදු අවස්ථාවක දූෂණ හෝ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ අධිකරණමය පියවර ගැනීමට විරුද්ධ නොවන බවත්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව තමන් සැමවිටම පිළිගන්නා බවත් මහලේකම්වරයා එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: