hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2024 ජූනි 19, පෙ.ව. 7:28



ශරීරයේ මාංශ පේශීය දිය කරවන STSS නැමති බැක්ටීරියාවක් මේ දිනවල ජපානයේ වේගයෙන් පැතිර යමින් පවතී. මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් පැය 48ක් ඇතුළත පුද්ගලයකු මරණයට පත්විය හැකි බව සෞඛ්‍ය අංශ අණතුරු අඟවයි.

ජපානයේ බැක්ටීරියාව ශරීරගත වූ පුද්ගලයින් 977 දෙනකු හඳුනාගෙන ඇති අතර රෝගයෙන් මේ දක්වා මිය ගිය ගණන 77ක් බවයි වාර්තා වේ. මෙම බැක්ටීරියාව පුද්ගලයෙකුගෙන් පුද්ගලයකුට බෝ වන අතර ඒ වළක්වා ගැනීම සඳහා ජපාන සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටිනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උගුර තුවාල වීම, අතපය වේදනාව, අඩු රුධිර පීඩන තත්ත්වයක් ඇතිවීම සිරුරේ අවයව ක්‍රියාකරිත්වය අඩපණ වීම සහ සිරුර ඉදිමීම එහි රෝග ලක්ෂණයි.

මෙම බැක්ටීරියා වසංගතය ඕස්ට්‍රේලියාව තුළද මේ වනවිට පැතිර යමින් පවතින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමින් විජේසිංහගේන් අප කළ විමසීමකදී සඳහන් කළේ මෙය ගෝලීය වසංගතයක් දක්වා මෙතෙක් පැතිර ගොස් නොමැති නමුත්, යම් හෙයකින් බැක්ටීරියාව මෙරටට ඇතුළු උවහොත් ඊට අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ අවධානයෙන් සිටිනා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: