hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2022 ජූලි 12, පෙ.ව. 8:56



හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(12) අලුයම දිවයිනෙන් පිටව යෑමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වනවා.

හිටපු අමාත්‍යවරයා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටව යාමට සුදානම් ව සිටිය බවයි වාර්තා වන්නේ.

එහිදී කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් ඇතැයි වාර්තා වනවා.

මේ බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ගද තහවුරු කළා .

අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී “සේද මාවත” (Silk Route ) අසළ එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන් , බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබෙනවා.

https://youtu.be/7YjviohDWgY

කටුනායක – ටී.කේ.ජී.කපිල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: