hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 02, පෙ.ව. 12:33



විදුලි ගාස්තුව අඩු වෙන්නේද වැඩිවෙන්නේදැයි කියා තමන් නොදන්නා බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

විදුලි ගාස්තු අඩු හෝ වැඩි කිරීමේ බලයක් ආණ්ඩුවට නැති බවත් විදුලි ගාස්තු තීරණය කිරීමේ පූර්ණ අයිතිය ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට බවත් හෙතෙම කියා සිටියි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පිරිවැය නිරූපිත මිලක් විදුලි ගාස්තුව සඳහා නියම කරන ලෙස දන්වා ඇති බවද ඔහු පැවසුවේය.

ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: