hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:08



ත්‍රිකුණාමලය ලේකම් කාර්‍යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට බාධා කරන ලද භික්ෂූන් වහන්සේ නැවැත්වීමට එතැන ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම විමර්ශන කටයුතු සිදුවන්නේ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුවයි.

නිලාවේලි බොරලුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු නවතාලමින් නිකුත් කරන ලද තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසීන් ඉකුත් 28 දිසාපති කාර්‍යාලයේ දොරටු අවහිර කරමින් විරෝධතාවක නිරත වූ අතර පොලීසිය විසින් එයට දැඩි මුරකාවල් යොදා තිබෙනවා.

එසේ තිබියදීත් භික්ෂූන් වහන්සේ පිරිසක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවති ශාලාවට ඇතුළු වීම සම්බන්ධයෙන් මේ විමර්ශනය ක්‍රියාත්මක වෙනවා.

මේ පිළිබඳව දිසාපති සමඟ සාකච්ඡා කළද එය අසාර්ථක වූ නිසා ආණ්ඩුකාරවරයා හමුවීමට සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ශාලාවට ගිය බව මහදිවුල්වැව ඉන්ද්‍රාරාමාධිපති පොල්හේන්ගොඩ උපරතන හිමියන් පුවත්පතකට පවසා තිබෙනවා.

ආණ්ඩුකාරවරයාගේ ආරක්ෂකයෙකු විසින් තමා ඇතුළු පිරිසට ඇතුළට යාමට දොර හැර දුන් බවත් පොලිසියට එරෙහිව විමර්ශනය කිරීම හෙළා දකින බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: