hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 12, පෙ.ව. 12:06



ජනතාව අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවට වාර්තා වනවා.

ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට විෂය භාර ඇමති විදුර වික්‍රමනායක මහතා තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරයා විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙන්නේ ඒ සඳහා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරි නායක හිමිවරුන් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී වික්‍රමනායක ඇමතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ආගමික සිද්ධස්ථාන හා භික්ෂුන් වහන්සේ සම්බන්ධ ගැටලු, ආගමික විකෘතිතා සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ ඇමති විදුර වික්‍රමනායක මහතා අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: