hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 2:09



වයස 18 ට අඩු දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයට නීති ගෙන ඒමට සූදානම් බව ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා.

ඒ අනුව 18ට අඩු කාණ්ඩවල දරුවන් සඳහා දුරකථන භාවිතයේදී සීමා පැණවීමටත් ඊට අදාළ නීති රාමුවක් සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද ඇය සඳහන් කළා.

තමන් මේ ගැන ජනාධිපති වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බවත් ඇය කියා සිටිනවා.

ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය ලමා පරපුරට විශාල තර්ජනයක් බවත් පවසන ඇය දියුණු තාක්ෂණය සමඟ දරුවන් යාවත්කාලීන විය යුතු බවට තර්කයක් නැති නමුත් අපේ රටේ දරුවන් බොහෝ දෙනකු ජංගම දුරකථන නිසා තමන්ගේ ජීවිත විනාශ කරගෙන සිටින බවත් පෙන්වා දෙනවා.

අද වන විට ජංගම දුරකථන පාසලට පවා රැගෙන යන බවත් එලෙස රැගෙන ඒම අනිවාර්යෙන්ම සීමා කරන බවද ඇය සඳහන් තවදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: