hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:34



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා ඉකුත් වර්ෂයේදී (2022) රුපියල් මිලියන 2,508ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩිපුර ගෙවනු ලැබ ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙනවා.

අතිකාල දීමනා ගෙවීම විනිවිදභාවයෙන් තොරව සිදුකොට ඇති අතර අතිකාල පාලනය සම්බන්ධයෙන් කළමනාකාරණය තම වගකීම නිසි පරිදි ඉටුකර නොමැති බව ද විගණනය මඟින් අනාවරණය කොට ඇත.

ඇඟිලි සලකුණු යන්ත්‍ර අක්‍රිය වීමට ඉඩහැරීම අතිකාල පාලනයට ඍජුව බලපා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

අතිකාල වියදම ධාවන කිලෝමීටරයකට රුපියල් 1.20ක් වියයුතු අතර ඒ අනුව 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 566කට වැඩි නොවිය යුතු වෙනවා.

එහෙත් 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 3,074ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

මේ පිළිබඳ ලංගම කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කරනු ලැබ ඇත්තේ, ප්‍රාථමික ගණයේ සේවක මහතුන්ගේ වැටුප් පරිවර්තනයත් සමග එම සේවකයන්ගේ අතිකාල රේටය රුපියල් 175ක් බවයි.

අතිකාල රේටය දෙගුණයකින් වැඩිවීමත් 2022 වර්ෂය වනවිට එම ගණයේ සේවක මහතුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අනුමැතිය ලැබීම නිසා අතිකාල රේටය රුපියල් 200 ඉක්මවා ගොස් ඇති බවය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කොට තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: