hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 06, පෙ.ව. 12:04



වසරකට මෙරට දරුවන් දහසක් පිළිකා රෝගයට ගොදුරු වන බව ශ්‍රී ලංකා පිළිකා රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

මෙම තත්ත්වයට වඩාත්ම හේතු වී ඇත්තේ නිසි ප්‍රමිතියකින් තොරව සකසන ලද ක්ෂණික ආහාර බවට වෛද්‍යවරු පෙන්වා දෙයි.

එසේම සෑම දිනකම දළ වශයෙන් නව පිළිකා රෝගින් එකසිය හයදෙනකු රෝග විනිශ්චයට ලක්වන බව ද ශ්‍රී ලංකා පිළිකා රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරනවා.

නවතම පර්යේෂණවලට අනුව ලොව පුරා වයස අවුරුදු පනහට අඩු පුද්ගලයන් අතර අලුතින් වාර්තා වන පිළිකා සංඛ්‍යාව පසුගිය දශක තුනක කාලයේ දී සියයට අසූවකින් පමණ වැඩි වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙනවා.

එසේම වයස අවුරුදු පනහට අඩු අය අතර පිළිකා රෝගය හේතු‍වෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සියයට විසිහතකින් ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වය මත වසරකට වයස අවුරුදු පනහට අඩු පුද්ගලයන් ලක්ෂ දහයකට අධික පිරිසක් පිළිකා නිසා ලොවට අහිමි වෙයි.

පිළිකා සඳහා වන නිසි ප්‍රතිකාර සම්බන්ධයෙන් ජනතාව අතර පවතින විවිධ දුර්මත සහ අනවබෝධය නිසා නිසි පර්යේෂණවලින් තහවුරු නොකළ සුදුසුකම් නොලත් නානාවිධ ප්‍රතිකාර ක්‍රමවලට රෝගින් යොමුවන බවත් මෙම තත්ත්වය මත පිළිකා රෝගය සුව කිරීම අපහසුවන බවත් ශ්‍රී ලංකා පිළිකා රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පෙන්වා දෙයි.

එම නිසා සෑම පුද්ගලයකුම පිළිකා රෝගයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය නිසි පියවර අනුගමනය කිරීම වැදගත් බව අවධාරණය කෙරෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: