hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 17, ප.ව. 5:50



උත්සව සමය තුළ ධාන්‍යවර්ග මිලදී ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ, ධාන්‍යවලට කෘමීන් සිදුකරන හානිදායක තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා කූඨ වෙළෙඳුන් විසින් මිනිස් පරිභෝජනය නුසුදුසු රසායනික් ද්‍රව්‍ය එක් කරන බවයි.

එමෙන්ම වෙළඳපලේ පවතින මෙවැනි සැක කටයුතු ධාන්‍ය වර්ග රජයේ රස පිරික්ෂකවරයා වෙත යොමු කර ඒවායේ අන්තර්ගතව පවතින විස රසායනිකයන් හඳුනා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විෂ රසායනිකයන් එක්කර අලෙවි කරන මෙවැනි ධාන්‍ය ඇතුළු භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සහ නිෂ්පාදකයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කරන අතරම පරිභෝජනය නුසුදු ආහාර වෙළඳපලෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: