hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 21, ප.ව. 3:42



ගනේමුල්ලේ සංජීව අධිකරණයේ දී වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයා පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීම පිළිබඳ සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

කෙසේ වුව ද දැනට වාර්තා වන ප්‍රවෘත්ති අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි පාතාළයෙන් ලැබුණු ඔත්තුවක් අනුව ඩුබායි පාතාළයේ දක්ෂතාව නිසා බව ද හෙතෙම කියයි.

මෙම පුද්ගලයාට එම ඝාතනය සඳහා උදව් කළ කාන්තාව මීගමුවේ දී ඔහුගෙන් වෙන්ව ඇති බවත් මෙතෙක් එම කාන්තාව අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලව් කරන්නාක් මෙන් හැසිරීමෙන් ඡායාරූප ගෙන මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ පිළිබඳ මහජන ආරක්ෂක ඇමතිවරයා පරීක්ෂණයක් කළ යුතු බවත් චාමර සම්පත් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: