2024 ජූනි 11, පෙ.ව. 12:02
පසුගිය දිනවල මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් බොහෝ ප්‍රදේශවල කුකුළු ගොවිපළවල් වතුරෙන් යටවීම හේතුවෙන් මියගිය කුකුළන්ගේ කුකුළු මස් පිරිසිදු කර වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
එසේ මියගිය කුකුළන්ට බැක්ටීරියා සහ වෛරස රෝග ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් පැමිණි රැසක් ලැබී ඇති බවයි.
පාරිභෝගික සේවා අධිකාරියේ පොදු සේවක සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මේ සම්බන්ධව අනාවරණයක් කර ඇත.
සාමාන්‍ය නිරෝගී කුකුළු මස් සුදු පැහැයක් ගන්නා අතර මෙසේ ගංවතුරට හසුවී මිය ගිය කුකුළන්ගේ කුකුළු මස් රත් පැහැයක් ගන්නා බැවින් ඒවා හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට හැකි බව ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසයි.
මේ හේතුවෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී එහි වර්ණය පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසත් එවැනි කුකුළු මස් සාපේක්ෂව අඩු මිල ගනන් යටතේ අලෙවිවන බව ඔහු වැඩිදුරටත් පවසයි.
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:04
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26