hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 28, පෙ.ව. 6:14



ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වැනි ස්ථානයේ පසු වන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුදය සමඟ මතු වී ඇති ජීවන වියදම ඉහළ යෑම ජනතාවගේ ආහාර වේලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කර ඇති බව ද ඔවුන් පවසයි.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ, දිනෙන් දින ආහාරවල මිල ඉහළ යෑම බව යි වාර්තා වන්නේ.

පෝෂ්‍යදායි ආහාරවේලක් නො ලැබීම සහ ආහාර මිල දී ගැනීමේ හැකියාවක් නොමැති වීම හේතුවෙන් මෙරට පවුල් රැසක් දෛනික ආහාර වේල මඟ හරිමින් සිටින බව ද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා.

ඒ අනුව වැඩිදුරටත් එම සංවිධානය පවසන්නේ, මෙරට ළමුන්ගෙන් සෑ ම දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ම දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවක් ද පවතින බව යි.

වැඩිදුරටත් එම සංවිධානය පවසන්නේ, මෙරට ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවයක් ද පවතින බවයි.

එසේම කොරෝන අර්බුදය සමග වසර දෙකක් පමණ ඉගෙනුම් ක්‍රියාවලියට බාධා ඇති වී එය දැඩි ලෙස අඩාල වූ මිලියන 4.8ක ළමුන්ගේ අධ්‍යාපනය, පාසල් පැමිණීම, මෙලෙස ආහාර නොලැබීම නිසා යළි අනතුරට ලක්වීමේ අවදානමට මුහුණ දී ඇති බවයි යුනිසෙෆ් සංවිධානය පවසන්නේ.

මෙරට සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතා මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කළ අතර, “ශ්‍රී ලංකාවේ මා දුටු දෙය දකුණු ආසියාවේ අනෙකුත් රටවලට අනතුරු ඇඟවීමක්” බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: