hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 2:11



දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු මෙම වසරේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

ඒ ජුනි මාසයේ පැවති ජාතික පෝෂණ මාසයට සමගාමී ව එම කාර්යංශය සිදු කළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී තිබෙනවා.

ඉන් වැඩි ම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්.

වයසට නියමිත බර නොමැති නම්, එවැනි දරුවන් අඩු බර සහිත දරුවන් ලෙස හැඳින්වෙන අතර, මේ වසරේ අඩු බර සහිත දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

පෙර වසරේ 15.3%ක් ව පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ 17%ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එසේම ගර්භිණී මව්වරුන්ගේ මන්දපෝෂණය සැලකීමේ දී පෙර වසරට සාපේක්ෂ ව බර අඩු මව්වරුන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර, ගර්භිණී මව්වරුන් අතර රක්ත හීනතාව හෙවත් ඇනීමියා තත්ත්වයේ ද ඉහළ යාමක් දක්නට ලැබෙන බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමීක්ෂණයට අනුව පෙර වසරේ 14.5%ක මට්ටමක පැවති අඩු බර දරු උපත් සංඛ්‍යාව මේ වසරේ 15%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙරට වඩා මේ වසරේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්වල දරුවන් අතර පවතින මිටි බවද ඉහළ ගොස් ඇති බව වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: