hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 15, පෙ.ව. 12:09



අදට (15) යෙදෙන ළමා පිළිකා දිනය හා සමගාමී ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ළමා පිළිකා 2021 වර්ෂයේ දී පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454ක් වාර්තා වී ඇති බව එහි දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කළා.

එමෙන්ම, වසරකට පිළිකා රෝගී දරුවන් 250 – 300 අතර ප්‍රමාණයක් මිය යන බව මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර පැවසුවා.

පිළිකා සහිත දරුවන් මුල් අවස්ථාවේ දී ම අඳුනා ගැනීම ඉතා වැදගත් බව හා නිසි ප්‍රතිකාර ලබාදීම ද වැදගත් බව ඒ මහතා එහිදී අවධාරණය කළා.

දරුවන් අතර බහුල ව වාර්තා වන පිළිකා වර්ගය ලේ පිළිකාව බව ද ඔහු සඳහන් කළා.

වැඩිහිටියන්ට පිළිකා වැලඳීම සඳහා ප්‍රධාන වශයෙන් දුම්පානය කිරීම සහ බුලත් විට කෑම හේතු වන නමුත් ළමා පිළිකා සඳහා එවැනි නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, වසරකට පිළිකා රෝගී දරුවන් වාර්තා වීම 1,000 සිට 1,200 දක්වා වන බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: