hit counter

2025 සැප්‍තැම්‍බර් මස 14 වන ඉරිදා

2024 පෙබරවාරි 26, පෙ.ව. 12:06



ජනපති විසින්, පාසල් දරුවන් සඳහා විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ඇරඹීමට තීරණය කර ඇත.

මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාවම ආවරණය වන අයුරින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් 100,000 ක් තෝරාගෙන ඔවුන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3,600ක ප්‍රතිපාදන මෙම සමස්ත වැඩසටහන සදහා වෙන් කර තිබේ.

වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභී පවුල්වල දරුවන් මුහුණ දෙන පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් සපයා ගැනීම මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වැනි කටයුතුවල දුෂ්කරතාවයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා යම් අස්වැසිල්ලක් සැලසීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත.

ඒ අනුව මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ මීට අදාළ සියලු තොරතුරු ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: