hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 04, ප.ව. 1:53



එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට සහ “එක් චීනයක්” යන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව සැමවිටම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ද ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම නැවත අවධාරණය කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ශැන්ග්හොන්ග් සමඟ පැවති සාකච්ඡාවකදීයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ අමෙරිකානු කතානායකවරියගේ සංචාරය මුල් කර ගනිමින් චීනය සහ තායිවානය අතර උණුසුම් තත්ත්වයක් මතුව ඇති පසුබිමකයි.

වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම් වලින් රටවල් වැළකිය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.

අන්‍යෝන්‍ය ගරුත්වය සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සාමකාමී සහයෝගීතාවයට මෙන්ම ගැටුම් ඇති නොවීමට ද වැදගත් පදනමක් බව චීන තානාපතිවරයා හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.