hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 24, පෙ.ව. 12:06



සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජනතාව වෙනසක් බලාපෙරොත්තු වුවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් කිසිවෙකුගෙන්වත් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

මේ බව ඒ මහතා සඳහන් කළේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරුන් හමුවූ අවස්ථාවේදී වේ.

එහිදී වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

“නිදහස් අධ්‍යාපනය සාම්ප්‍රදායික තැනක හිරවෙනවාට වඩා, නිදහසේ අධ්‍යාපනය ලබාගැනීමට අවකාශය නිර්මාණය කර ගැනීමට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු ඔබ කරන්නා වූ කර්තව්‍ය ගැන අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. අපි විශ්වාස කරන ව්‍යවසායකත්ව රාජ්‍යයකින් බිහිවන ලංකාව තුළ පෞද්ගලික ගුරුවන්ට තම ව්‍යවසායකත්වය පවත්වාගෙන යාමට හැකි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අපේ වගකීමක්.

මේ නිර්මාණශීලි ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය මුදුන්පත් කරවා ගැනීමට වෙරදරණ මේ තාරුණ්‍යයට පරිසරය සකසාදීමේ වගකීමක් අපට තිබෙනවා.සමහරු අරගලයටත් ගියා.225ම එපා කිව්වා. අලුත් දෙයක් ඕන කිව්වා. සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන කිව්වා. අපි කරන දේශපාලනය වෙනස්. වෙනසක් ප්‍රාර්ථනා කළා නම්, ඒ පැතූ වෙනස නිර්මාණය කර ගැනීමට ඔබට දායක විය හැකියි. ඒක මේ රට වෙනුවෙන් කරන පිනක්.”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: