hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 31, ප.ව. 1:41



ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

කොළඹ අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්,ඔහු මේ බව කියා සිටියා.උපකාරක පන්ති ආශ්‍රිතව ජනාධිපතිවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වනවිට සමීක්ෂණ සිදුවන බවයි.

එය අපේක්ෂකයන්ට අවාසි සහගත තත්ත්වයක් බවද ඔහු සඳහන් කළා. එමෙන්ම, ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,482 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ,ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 612ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 870ක් ලැබී ඇති බවයි.

ඉන් පැමිණිලි 1,419 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා. මේ අතර, පසුගිය අගෝස්තු 14 වනදා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිට දිවයින පුරා නිරීක්ෂණ කටයුතුවල නිරතවනවා.

එමෙන්ම, මැතිවරණ දිනය වනවිට තවත් යුරෝපා සංගම් නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි. ඔවුන් සමස්ත මැතිවරණ ක්‍රියාවලියෙන් පසුව සැප්තැම්බර් 22 වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: