hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 28, පෙ.ව. 12:02



ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමේ යෝජනාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් රජයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා පවසනවා.

වෙළෙඳපොලේ පොල්තෙල් මිල ඉහළයෑම පාලනය කිරීම සඳහා මේ පියවර ගන්නා බව ඔහු සඳහන් කරනවා.

ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා දැනට අයකරන බද්ද රුපියල් 150ක් වන අතර දැනට රට තුළ ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 70,000ක් තිබෙන බව අමාත්‍යවරයා පවසනවා.

2023 වසරට සාපේක්ෂව මෙය තුන් ගුණයක ඉහළයෑමක් බවත්, එම නිසා කිසිසේත්ම පොල්තෙල් හිඟයක් රට තුළ ඇති නොවන බවත් එය පොල්තෙල් මිල ඉහළ දැමීමේ මාෆියාව විසින් ගෙනයන කූඨ උපායක් බව පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: