hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 17, පෙ.ව. 8:39



සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනෙන හෙට (18) දිනයේ යුධ හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් ඊයේ (16) දින ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස නවක සිසුන් බඳවා ගැනීමෙන් ඉවත්ව සිටින කථිකාචාර්යවරුන් සිසු ගැටුම් නිර්මාණය කර බඳවා ගැනීමේ කටයුතු කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයක නියැලෙන බවට තොරතුරු ලැබී තිබෙන බව ද සඳහන් කරමින්, ලේකම්වරිය මෙම ඉල්ලීම කර ඇත.

කථිකාචාර්යවරුන් ඔවුන්ගේ වෘත්තීය සමිති බලපෑම මත මෙම නවක බඳවා ගැනීම් කටයුතු සඳහා සහභාගී නොවීමට හා කිසිදු සහයෝගයක් නොදීමට තීරණය කර තිබෙන බවත්, එවැනි තත්ත්වයක් මත විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් වෙත සියලු වගකීම් තනිව දරාගෙන කටයුතු කිරීමට සිදු වන බව ද සිය ලිපියේ සඳහන් කරන ලේකම්වරිය විද්‍යාපීඨවල නවක වදය වැනි ක්‍රියාකාරකම් ඇති කිරීමේ උත්සාහයක් පිළිබඳව ද තොරතුරු ලැබී තිබෙන බවත් සඳහන් කර ඇතැයි සඳහන් කරයි.

එබැවින් සියලුම විද්‍යාපීඨවල ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන්ගේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.

මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරක්ෂාව සඳහා යුද හමුදා සහය ලබා ගැනීමේ පියවරට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එම සංගමය ඊයේ (16) රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබූ බව ද වාර්තා විණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: