hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 ජනවාරි 17, පෙ.ව. 12:02



කොළඹ නගරයේ ඇළ මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි 500ක් වෙනත් ස්ථානයකට ගෙන යෑමට කොළඹ මහ නගර සභාව කටයුතු කරන බව එහි කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මාධ්‍ය හමුවකදී පවසා ති‍බෙනවා.

මෙම ඉදිකිරීම් මගින් ජලය ගලායෑම අවහිර වී ඇති අතර, කොළඹ නගරය තුළ නිතර ගංවතුර ඇතිවීමට මෙම තත්ත්වය හේතුවක් වි තිබෙන බව සඳහන්.

මේ අතරින් බොහෝ අනවසර ඉදිකිරීම් නිවාස වන අතර ඒවා බේරේ වැව, මරදාන සහ කිරුළපන ප්‍රදේශ අවට පිහිටා තිබෙන බව භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු භද්‍රානි ජයවර්ධන මහත්මිය,

“අපිට සාමකාමී විසඳුමකට පැමිණිය හැකිද යන්න සොයාබැලීම සඳහා අපි සමහර ගොඩනැගිලි හිමියන් සමඟ ද සාකච්ඡා කර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ, මෙම අයිතිකරුවන්ට ඔවුන්ගේ ගොඩනැගිලි කඩාබිඳ දැමීමෙන් ගැටලු ඇති කිරීමට නොව, අපගේ ඉංජිනේරුවන්ගේ සහාය ඇතිව විකල්ප විසඳුම් ලබාදීමයි. අනවසර නිවාසවල ජීවත්වන අයට විකල්ප ස්ථාන ලබාදීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ සංවාදයක් ආරම්භ කිරීමටද අපි අදහස් කරනවා” ඇය එහිදී පැවැසුවා.

එසේම, ගංවතුර වළක්වා ගැනීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කරන බවද ඇය වැඩිදුරටත් සදහන් කළා.

අනවසර නිවාසවල ජීවත්වන සමහර පවුල් සදහා නව නිවාස ලබාදුන්නද, ඔවුන් ඒවායේ පදිංචියට යෑමට අකමැති බවද කොළඹ මහ නගර සභාව පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: