hit counter

2024 මැයි මස 22 වන බදාදා

2024 ජනවාරි 30, පෙ.ව. 8:23



ආණ්ඩුවට එරෙහි සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවක් කොළඹදී අද (30 ) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් මෙම විරෝධතාවය පවත්වන බවයි.

ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ගෙන කටයුතු කරන අතර රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිව යන මොහොතක ඒ වෙනුවෙන් සටන් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: